ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනින් මරුට


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් මුහුදු අයිස් ඛාදනය වීම නිසා දියේ ගිලී යාමෙන් බටහිර ඇන්ටාක්ටිකාවේ බහු අභිජනන ස්ථානවලදී පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මියගොස් ඇති බව නව බ්‍රිතාන්‍ය වාර්තාවක දැක්වේ.

ඇන්ටාක්ටිකාවේ බෙලින්ග්ෂෝසෙන් මුහුදු කලාපයේ නිරීක්ෂණය කරන ලද ස්ථාන පහෙන් එකක් හැර අනෙක් සියල්ලම පැටවුන් 100%කින් අහිමි වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

"මුහුදු අයිස් දියවීම හේතුවෙන් ජනපද කිහිපයක් තුළ දක්නට ලැබුණු පෙන්ගුයින් අභිජනනය කිරීමේ පළමු ප්‍රධාන අසාර්ථකත්වය මෙයයි. එය බොහෝ විට ඉදිරියේදී සිදුවීමට නියමිත විනාශයේ පූර්ව ලකුණක් විය හැකියි. අපි එය කාලයක් පුරා මෙය පුරෝකථනය කර තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම එය සිදුවන බව දැකීම භයානකයි." යනුවෙන් බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ පර්යේෂකයෙකු හා මෙම පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන පීටර් ෆ්‍රෙට්වෙල් පැවසීය. 



Recommended Articles