හොලිවුඩ් නිළිය සහ එක්සත් ජාතීන්ගේ සුහද තානාපතිවරියක වන ඇන්ජලීනා ජොලී බටහිර යුක්රේනයේ ලිවිව් නගරයේ රසිකයන් සහ සරණාගතයන් හමුවී තිබේ.
ඇන්ජලිනා ජොලී සෙනසුරාදා එහි පැමිණ සිටි අතර, එහිදී ඇය කෝපි හලකදී රසිකයන් සමග කතාබහ කර තිබුණි. රුසියාව සමග පවතින ගැටුමෙන් අවතැන් වූ පුද්ගලයින්ද එහිදී ඇය හමුවී ඇත.
ජොලී වසර ගණනාවක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සුහද තානාපතිවරියක් ලෙස කටයුතු කර ඇති නමුත් පුද්ගලික සංචාරයක් සඳහා යුක්රේනයේ සිටින බව වාර්තා වේ.
එහිදී ජොලී අවන්හලක රැඳී සිටින ආකාරය මෙන්ම, දුම්රිය ස්ථානයක සරණාගතයින් මුණගැසෙන ආකාරය දැකගත හැකි විය. නිළියගේ ප්රකාශකයෙකු පැවසුවේ ඇය රෝහලක සිටි අනාථ හා අවතැන් වූ දරුවන් බැලීමටද ගිය බවයි.