මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සහ ගෝලීය නායකයන් විසින් අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවේ පාලනය ලොව ධනවත්ම පුද්ගලයා වෙත මාරු කරනු ලබන ගනුදෙනුව අවසන් කරමින්, ටෙස්ලා හිමිකරු එලොන් මස්ක් ඇ.ඩො.බිලියන 44කට ට්විටර් සමාගම (Twitter Inc.) මිලදී ගත්තේය.
පසුගිය සතියේ අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සති අන්තයේ වේගවත් වූයේ මස්ක් ඔහුගේ පිරිනැමීමේ මූල්‍ය තොරතුරු සමග ට්විටර් කොටස් හිමියන් ආකර්ෂණය කර ගැනීම නිසාය.
මෙම පීඩනය යටතේ, ට්විටර් සමාගමේ කොටසක් ඇ.ඩොලර් 54.20කට යෝජිත සමාගම මිලදී ගැනීමට මස්ක් සමග සාකච්ඡා ආරම්භ කළේය.
ඒ අනුව, මෙම ගනුදෙනුව 2013 මූලික මහජන නිකුතුවේ සිට ට්විටර් පොදු සමාගමක් ලෙස පවත්වාගෙන යාම අවසන් කරයි.