ආහාර හෝ ඇසුරුම් මගින් නව කොරෝනා වෛරසය මිනිසුන් අතර පැතිර යන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ මයික් රයන් ජිනීවා නුවර පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.
"ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ. එහිදී ජනතාවට සුවපහසුව සහ ආරක්ෂාව දැනිය යුතුයි." වෛද්‍ය රයන් කියා සිටියේය.
දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන් වෙත බ්‍රසීලයෙන් ආනයනය කරනලද ශීතකළ කුකුළු මස් කොටස් සාම්පලයක් හා ඉක්වදෝරයෙන් ආනයනය කළ ආහාර සාම්පලයක් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇතැයි යන හෝඩුවාවට ප්‍රතිචාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස් පළ කර තිබේ. එහිදී වෛරසය අඩංගු ආහාර නැව්ගත කිරීමෙන් වසංගතයේ නව නැගිටීමක් ගැන බියක් ඇති කර තිබුණි.
චීනයේ ෂෙන්සෙන් හි ලෝන්ගාං දිස්ත්‍රික්කයේ ආනයනික ශීතකළ ආහාර පරික්ෂා කිරීමේදී කුකුළු මස් පියාපත් (චිකන් වින්ග්ස්) සමූහයකින් ලබාගත් මතුපිට සාම්පලයක් පරීක්ෂාවේදී මෙම අනාවරණය වූ බව නාගරික බලධාරීන් පවසා තිබුණි. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනයන් සමග ගැටී ඇති පුද්ගලයන් වහාම සොයා ඔවුන් පරීක්ෂාවට ලක්කර තිබුණත්, ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදිතව නොතිබුණු බවද ඔවුන් තහවුරු කරගෙන තිබූ අතර, ඒවා ගබඩා කර තැබූ ස්ථාන විෂබීජහරණයට ලක්කිරීමටත් කටයුතු කර තිබුණි.