ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමට එරෙහි විරෝධතාවලට වෙඩි


ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඉරානය පුරා පැතිර යන විරෝධතා හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ සතිය මුලදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි විසින් එළිදක්වන ලද කප්පාදු පැකේජයක කොටසක් ලෙස, ආහාර ආනයන සහනාධාර කපා හැරීමට ආණ්ඩුව ගත් තීරණ්යෙන් පසුව නොසන්සුන්තාව ඇති විය. සම්බාධකවලින් බැට කමින් සිටින ඉරාන ආර්ථිකයක් මුදා ගැනීම සහ යුක්රේන ගැටුමෙන් උග්‍ර වී ඇති උද්ධමනය ඉහළ යාමද මෙම පියවරවල අරමුණ වී ඇත.

සහනාධාර කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර පිසීමේ තෙල්, කුකුල් මස්, බිත්තර සහ කිරි වැනි එදිනෙදා භාණ්ඩවල මිල ගණන් 300% දක්වා ඉහළ ගොස් ඇත.

මෙම තත්වය පාරිභෝගිකයින් මූලික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අරගල කර ඇති අතර, රට පුරා ආහාර වෙළෙඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව කියයි.

ඉරානයේ ඩොරූඩ්, ෆර්සාන්, ජූන්ගන්, බෝරුජෙර්ඩ්, චෝලිචේ, ඩෙහ්ඩාෂ්ට් සහ ආර්ඩෙබිල් ඇතුළු ඉරාන නගර හරහා ආණ්ඩු විරෝධී රැලි ගලා ගොස් ඇති අතර, ඇතැම් රැලි ප්‍රචණ්ඩකාරී වීම නිසා තත්ත්වය පාලනයට ආරක්ෂක අංශ වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.



Recommended Articles