ආහාර අර්බුදය ආරක්ෂණවාදී භීතිය අවුස්සා හිගය වැඩිකරයි


වර්ධනය වන ලෝක ආහාර අර්බුදයක් සමග ගැටලුව තවත් උග්‍ර කිරීමට ඉඩ ඇති සහ පුළුල් වෙළඳ යුද්ධයකට තුඩු දිය හැකි ආකාරයෙන් රටවල් විසින් ආරක්ෂණවාදී පියවර වේගවත් කරමින් සිටින බව ලෝක ආර්ථික සංසදයේ ව්‍යාපාරික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අවධාරණය කරයි.

දේශීය මිල ඉහල යාම වැළැක්වීම සඳහා ඉන්දියාව වසර හයකට පසු ප්‍රථම වරට සීනි අපනයන සීමා කිරීමේ තීරණයක් වෙත එලැඹීමද, ආහාර සැපයුම් සහ මිල ඉහළ යාමේ තීව්‍ර වන සලකුණක් ලෙස දැක්විය හැකිය. මීට පෙර තිරිඟු අපනයනයටද ඉන්දියාව සීමා පැනවීය.

මේ අතර, ලොව විශාලතම පාම් තෙල් අපනයනකරු වන ඉන්දුනීසියාව, පිසින තෙල් තොග සඳහා සහනාධාරය ඉවත් කර දේශීය පිරිපහදු කරන්නන් වෙත අමුද්‍රව්‍ය සඳහා මිල සීමාවක් ආදේශ කර ඇත.

"එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත්, ඉහළ යන ආහාර සුරක්ෂිතතා ගැටලු පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

නිදසුනක් වශයෙන් උප සහරා අප්‍රිකාවේ රටවල පදිංචිකරුවන් ඔවුන්ගේ පරිභෝජනයෙන් 40%ක් ආහාර සඳහා වැය කරන බව ගෝපිනාත් පැවසීය. "ජීවන වියදමට විශාල පහරක්" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රුසියාව-යුක්රේන අර්බුදය දැනටමත් ආරම්භ වී තිබූ අර්බුදයක හදිසි අර්බුදයකට තුඩු දී තිබේ.

"යුක්රේන ගැටුමට පෙර අපි අසාමාන්‍ය ආහාර අර්බුදයකට මුහුණ දී සිටියා. ආහාර පිරිවැය, භාණ්ඩ මිල, නැව්ගත කිරීමේ පිරිවැය දැනටමත් දෙගුණයක්, තුන් ගුණයකින්, හතර ගුණයකින් වැඩි වෙමින් පවතිනවා" එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි පැවසීය.

පසුගිය වසර හතරේ සිට පහ දක්වා කාලය තුළ "සාගින්න කරා ගමන් කරන" පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 80 සිට මිලියන 276 දක්වා ඉහළ ගොස් ඇති බව ඩාවෝස් හි සාකච්ඡාවකදී බීස්ලි වැඩිදුරටත් පැවසීය.



Recommended Articles