ආහාර අනාරක්ෂිත භාවය දෙගුණයකින් වැඩි වීමක්


ගෝලීය ආහාර අනාරක්ෂිත භාවයේ වර්තමාන වැඩිවීමට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ හා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ගෝලීය කුසගින්න පිළිබඳ අමාත්‍ය රැස්වීමකදී ගුටරෙස් පැවසුවේ දැඩි ආහාර අනාරක්ෂිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වසර දෙකකින් දෙගුණයක් වී ඇති බවයි.

පූර්ව වසංගත තත්ත්වයේදී මිලියන 135ක සිට මිලියන 276ක් දක්වා අද වනවිට දෙගුණයකින් ආහාර අනාරක්ෂිතභාවය වර්ධනය වී ඇති අතර, සාගත තත්ත්වය 2016 සිට 500%කට වඩා වැඩිවීමක් පෙන්වයි.

"මෙම බිය උපදවන සංඛ්‍යා සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. අපි මිනිසුන්ට පෝෂණය නොකරන්නේ නම්, අපි ගැටුම් පෝෂණය කරනවා." ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය.



Recommended Articles