හෙංකොං වෙතින් ඔමික්‍රෝන් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හොංකොං විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් මේ වනවිටත් සාර්ථකව හුදකලා කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.