ආසියාන් සංවිධානයේ සබඳතා තරකර ගැනීමට චීන ඇරයුමක්


චීනය සහ ආසියාන් සංවිධානය අතර සංවාද සබඳතා ආරම්භ වී 2021ට වසර 30ක් සපිරෙන හෙයින්, දශක තුනක කාලයක් තුළ රැස් කරගත් වටිනා අත්දැකීම් දෙපාර්ශ්වයම අගය කළ යුතු බවත්, හවුල් අනාගතයක් සහිත සමීප ප්‍රජාවක් ගොඩනඟා ගත යුතු බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යි අවධාරණය කරයි.

චීණයේ බීජිං නුවරදී පැවති සංවත්සරය සැමරුම් උත්සවයකදී වැන්ග් මේ බව සඳහන් කළේය.

1991 දී දෙරට අතර සංවාද සබඳතා ආරම්භ වූදා සිට චීනය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ එකමුතුව කලාපීය හා ලෝක සාමය, ස්ථාවරභාවය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙමින් සහයෝගීතාවයේ මාවතකට අවතීර්ණ වී ජයග්‍රහණය කරන බව වැන්ග් පැවසීය.

වසර තිහකට පසු, අදාළ රටවල සංවර්ධනයට සහ කලාපයේ දිගු කාලීන සාමය හා සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයම වඩාත් හිතකර උපාය මාර්ගික පරිසරයක් නිර්මාණය කරන ලෙස වැන්ග් මෙහිදී වැඩිදුරටත් යෝජනා කළේය.



Recommended Articles