දේවඅපහාස නීතිය යටතේ දඬුවමට ලක්ව සිට පසුගිය මාසයේදී අධිකරණයෙන් නිදහස ලැබූ කතෝලික ආසියා බිබීට එරෙහිව විරෝධතා පෑ දැඩිමතධාරී ඉස්ලාමීය පූජකවරයෙකු නායකත්වය දැරූ පක්ෂයක පිරිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඉරිදා පැවැත්වීමට නියමිතව තිබූ තහරීන් ඊ ලබායික් පක්ෂය ඔවුන්ගේ විරෝධතාව නැවැත්වීමට අපොහොසත්වීම තුළ මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව බලධාරීහු පවසති.
එමෙන්ම, ඉස්ලාමීය පූජක ඛාදිම් හුසේන් රිස්විද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස් අතර වන බව ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
දේව අපහසායක් කළේ යැයි චෝදනා කරමින් 2010 වසරේදී ඇය අත්අඩංගුවට පත්ව මරණ දඬුවමට නියමව සිටියත්, පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇය නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
මෙය පාකිස්තානයේ දැඩිමතධාරී ඉස්ලාමීය ප්‍රජාව ප්‍රකෝපකළ සිදුවීමක් වූ අතර, නොයෙක් ස්ථානවල විරෝධතා සංවිධානය විය.