සංචාරක සීමාවන් නොතකා ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන බැවින් කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බැවින් සියලු ජනතාව සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලෙසත්, සෞඛ්‍ය සේවා ධාරිතාව ඉහළ නංවන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආසියා පැසිෆික් රටවලට අනතුරු ඇඟවීය.
ඉහළ අවදානම් සහිත දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා එහි දේශසීමා වසා දමා තිබියදීත්, නව ප්‍රභේදයේ ප්‍රජා සම්ප්‍රේෂණය වාර්තා කළ නවතම රට ඔස්ට්‍රේලියාව බවට පත්විය. ඒ මෙම වෛරස ප්‍රභේදය එක්සත් ජනපදයේ ප්‍රාන්ත පහකින් දේශීයව සොයා ගැනීමෙන් දිනකට පසුවය.
ඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන් මේ සතියේ ආසියාවේ මුල් බැස ගැනීමට පටන් ගෙන තිබේ.
බොහෝ රටවල් නව ප්‍රභේදය බැහැර කිරීම සඳහා සංචාරක නීති දැඩි කර ඇති නමුත්, මිලියන 650ක පමණ ජනගහනයක් සිටින ආසියා-පැසිෆික් කලාපයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම අවධාරණය කළේ දේශසීමා පාලනය මගින් ඔවුන්ට පෙර සූදානම් වීම සඳහා කාලයක් පමණක් ලැබෙන බවයි.
"ජනතාව දේශසීමා පියවර මත පමණක් විශ්වාසය තැබිය යුතු නැහැ" බටහිර පැසිෆික් කලාපයේ WHO කලාපීය අධ්යක්ෂ ටකේෂි කසායි අතථ්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය. "වඩාත්ම වැදගත් දෙය නම් ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත මේ වෛරස ප්‍රභේද සඳහා සූදානම් වීමයි. දැනට පවතින තොරතුරුවලින් පෙනී යන්නේ අපගේ ප්‍රවේශය වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවයි. එනම්, මුඛ ආවරණ, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය තවදුරටත් ඉතා හොඳින් ආරක්ෂා කළ යුතු බවයි."
එන්නත් අනුපාතය ආසියා-පැසිෆික් කලාපයේ රටින් රටට වෙනස් වන නමුත් කණගාටුදායක හිඩැස් පවතින රටවල්ද පවතී, ලෝකයේ සිව්වැනි වැඩිම ජනගහනය සහිත රට සහ වරක් ආසියාවේ කොවිඩ්-19 කේන්ද්‍රස්ථානය වූ ඉන්දුනීසියාව, එහි මිලියන 270ක ජනගහනයෙන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත්තේ 35%ක් පමණි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවසුවේ ඔමික්‍රෝන් මාස කිහිපයකින් ගෝලීය වශයෙන් ප්රමුඛ ප්‍රභේදය බවට පත්වීමට ඉඩ ඇති නමුත් මේ වසර මුලදී ලොව පුරා පැතිර ගිය ඩෙල්ටාවට වඩා එය භයානක බවට තවමත් සාක්ෂි නොමැති බවයි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු රජයේ ඉහළම වෛද්‍ය උපදේශක පෝල් කෙලී වාර්තාකරුවන්ට පැවසුවේ ඉදිරි මාස කිහිපය ඇතුළත ඔමික්‍රෝන් ලෝකයේ නව වෛරසය වනු ඇතැයි තමා සැක කරන බවය.
සිය ශුන්‍ය-කොවිඩ්-19 ප්‍රවේශය පවත්වා ගෙන යන චීනය, දේශීය වෛරස් සම්ප්‍රේෂණයේ මෑත කාලීන වැඩිවීමක් තිබියදීත්, තවමත් එකදු ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා කර නොමැති වීමද ඔවුන්ගේ පූර්ව සූදානම සහ වසංගතයෙන් මිදීම කෙරෙහි ජනතාව දක්වන සහයෝගයේ ලක්ෂණයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.