ආසාදිතයන් වැඩිවීම හුදෙක් පරීක්ෂණ වැඩි නිසා නොවේ - වසංගතය වේගවත් වෙලා


ලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පැවතීම නව කොරෝනා වෛරස පරීක්ෂාවන් වැඩිකිරීමේ ප්‍රතිඵලයක් පමණක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහන් ප්‍රධානී මයිකල් රයන් පවසයි.

ජිනීවා නුවර පැවති සාකච්ඡාවකදී WHO හි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි.

"අප්‍රේල් සහ මැයි මාසවලදී දිනකට ආසාදිතයන් 100,000ක් සමග අප කටයුතු කළා. අද දිනකට ආසාදිතයන් 200,000ක් සමග අප කටයුතු කරනවා. මෙය තනිකම පරීක්ෂණ වැඩිකිරීමේ ප්‍රතිඵලයක් නොවෙයි. මෙය වසංගතය වේගවත් වීමේ තත්ත්වයක්" රයන් සඳහන් කළේය.

කෙසේ වෙතත් ගෝලීය කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව ඉහළ යන අනුපාතයට මරණ සංඛ්‍යාව ඉහළ නොගොස් මරණ අනුපාතය ස්ථාවරව පැවතීමෙන් ඇඟවෙන්නේ ඉදිරිපෙළ වෛද්‍යවරුන් සහ හෙදියන් රෝගීන්ට කලින්ම ප්‍රතිකාර කිරීම අරඹා ජීවිත වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට යුහුසුළු වීම යැයිද වෛද්‍ය රයන් සඳහන් කළේය.



Recommended Articles