ගෝලීය කොවිඩ්-19 ආසාදන හා මරණ සංඛ්‍යාව අඩු වුවද, වසංගතය තවමත් අවසන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම ප්‍රකාශය කළේ වසංගත සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ නව ජාත්‍යන්තර මෙවලම් සම්බන්ධ මහජන රැස්වීමෙහි අදහස් දක්වමිනි.
"සම්ප්‍රේෂණය ඉහළ මට්ටමක පවතිනවා. බොහෝ රටවල එන්නත් ආවරණය ඉතා අඩු මට්ටමක පැවතීමද සුළුකොට තැකිය නොහැකියි. ඒ වගේම මහජන සෞඛ්‍ය සහ සමාජ පියවර (මුඛ ආවරණ, දෑත් සේදීම හා දුරස්ථභාවය ආදී) ලිහිල් කිරීම නව ප්‍රභේද පැතිරීමට පහසුකම් නිර්මානය කරදී තිබෙනවා." ඔහු පැවසීය.
"වසංගතය අවසන් කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන්, වඩාත් අවදානම් කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ගේ ජනගහනයෙන් 70%ක් එන්නත් කිරීමට සියලුම රටවලට සහාය දිය යුතුයි."
මේ වනවිට, ගෝලීය වශයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 500ක් ඉක්මවා ඇති අතර, මරණ මිලියන 6.18ක් ඉක්මවා ඇත.