ආසාදන වැඩිවී එන්නත් ප්‍රමාද නිසා මොරිසන් සමාව අයදියි


ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදන තත්ත්වය නරක අතට හැරෙමින්, මිලියන 14ක ජනතාවක් ලොක්ඩවුන් තත්ත්වයක සිටියදී වෛරසයට එරෙහිව එන්නත් ලබාදීමට තම රජය ප්‍රමාද වීම ගැන අගමැති ස්කොට් මොරිසන් එරට ජනතාවගෙන් සමාව අයැද සිටියි.

වසංගතය මැඬපැවැත්වීම සහ මරණ දහසකට වඩා අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් මෑතක් වනතුරුම පැසසුමට ලක්වූ අගමැති මොරිසන්, මේ වනවිට සිය ජනප්‍රියත්වයේ ශ්‍රේණිගත කිරීම්වල පහළට ගොස් ඇති බව කියයි.

එරට ප්‍රාන්ත තුනක් පුරා අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් පසුව එන්නත්කරණය ප්‍රමාදවීම ඔස්සේ ඔස්ට්‍රේලියානු ජනතාවගේ අනාරක්ෂිතබව ගැන අගමැතිවරයා වෙත සෘජුවම චෝදනා එල්ල වී ඇත.

සිඩ්නි නුවර අද (22දා) දිනයේ නව ආසාදිතයන් 124ක් වාර්තා වූ අතර එය ජුනි මස මැද භාගයේ නවතම ආසාදන රැල්ල ආරම්භ වීමෙන් පසු වැඩිම ආසාදන සංඛ්‍යාව විය. නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ සවුත් ඔස්ට්‍රේලියා හි සක්‍රීය ආසාදිතයන් 1,500කට වඩා සිටිති.

 



Recommended Articles