ආසාදන වැඩිම ඇමෙරිකාවේ දකුණුදිග මුඛ ආවරණ ගැටුම්


කොවිඩ්-19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් ජනපදයේ දකුණුදිග කලාපයේ මුඛ ආවරණ පැලඳීම හෝ නොපැලඳීම පිළිබඳ යුද්ධය ගැඹුරු වී තිබේ.

ඒ අනුව ෆ්ලොරිඩාවේ විශාලතම පාසල් දිස්ත්‍රික්කය අද (18දා) දකුණුදිග කලාපයේ නව කොරෝනා වෛරස දේශපාලන සටනේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, නව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට පිටුපාමින් මුඛ ආවරණ පැලඳීමේ නියෝගයක් පනවා ඇත.

එහිදී මියාමි-ඩේඩ් පාසල් මණ්ඩලය එලැඹෙන සඳුදා පන්ති ආරම්භ වන විට දිස්ත්‍රික්කයේ සිසුන් 360,000කට වැඩි පිරිස මෙන්ම කාර්ය මණ්ඩලයද මුඛ ආවරණ පැලඳිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළේ, ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් මීට පෙර ප්‍රාන්තය තුළ මුඛ ආවරණ පැලඳීමේ නියෝග තහනම් කර ඇති පසුබිමකය.

"අපේ සමාජයේ මේ වනවිට අප මුහුණ පාන්නේ මහජනතාවගේ ජීවිත අවදානමේ පවතින හදිසි අවස්ථාවකටයි" මුඛ ආවරණ පැලඳිය යුතු බවට ජනවරමට සහයෝගය දුන් මණ්ඩල සභාපති පර්ලා ටබාරේස් හන්ට්මන් පැවසීය. .

එහි අධිකාරීවරයාගේ නිර්දේශය මත 7-1ක ඡන්දයකින් මණ්ඩලය විසින් අනුමත කරන ලද අවශ්‍යතාව සඳහා වෛද්‍ය හේතූන් මත මුඛ ආවරණයක් පැලඳිය නොහැකි ශිෂ්‍යයන් පමණක් නිදහස් කර ඇත.

ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඩෙසැන්ටිස් ඇතැම් රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුන් මෙන්ම මුඛ ආවරණ පැලඳීම පෞද්ගලික තේරීමක් ලෙස හැඳින්වූ අතර, එය සිසුන් සඳහා දෙමව්පියන් විසින් කළ යුතු දෙයක් බව කීවේය. නමුත් ඇමෙරිකාව දැන් මුහුණදෙන නව තත්ත්වය යටතේ මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයන් පවා අවධාරණය කර තිබේ.



Recommended Articles