ආසාදන නිසා ඉන්දුනීසියාවේ කොවිඩ් සීමාවන් දීර්ඝ කරයි


කොරෝනා වෛරසයේ ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම නිසා ඉන්දුනීසියාව වසංගත ආශ්‍රිත සීමා කිරීම් ජූලි 25දා දක්වා දීර්ඝ කර ඇති අතර, ආසාදන අඩු වුවහොත් ලබන සතියේ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම අරමුණු කර ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.

වසංගත කාලය තුළ මෙතෙක් මිනිසුන් ගමන් කිරීම සම්බන්ධයෙන් දැඩි සීමාවන් පනවා තිබියදීත්, ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාව කොවිඩ්-19 රෝගීන් මේ වනවිට ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටක් බවට පත්ව තිබේ.

අත්‍යව්‍ය්‍ය නොවන සේවකයින් නිවසේ සිට වැඩ කිරීම, ගමන් නතර කිරීම සහ සාප්පු සංකීර්ණ වසා දැමීම ඇතුළුව ජාවා සහ බාලි දූපත සහ දූපත් සමූහයේ අනෙකුත් නගර සඳහා ජූලි 03දා සිට ඉන්දුනීසියාව විසින් කොවිඩ් සම්බන්ධිත සීමාවන් පනවන ලදී.

සීමාවන් ආරම්භ වූ පසු, ආසාදන සංඛ්‍යාව අඩු වීමට පටන් ගත් බවද ජනාධිපතිවරයා පැවසීය. "ආසාදන ප්‍රවණතාවය දිගින් දිගටම පහත වැටේ නම්, ජූලි 26දා වනවිට රජය ක්‍රමයෙන් ලිහිල් කිරීමක් ආරම්භ කරනු ඇති" ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය සතිය තුළ දෛනික 50,000ක් පමණ වේ. අඟහරුවාදා අඛණ්ඩව 05 වැනි දිනටත් මියගිය සංඛ්‍යාව 1,000කට වඩා ඉහළ මට්ටමක පැවතිණි.



Recommended Articles