ආර්ථිකය ස්ථාවර කිරීමේ චීන ප්‍රතිපත්ති පැකේජයක්


කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ අවදානමක් මධ්‍යයේ ආර්ථිකය ස්ථාවර කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති පැකේජයක් විස්තර කරමින් චීනයේ රාජ්‍ය කවුන්සිලය චක්‍රලේඛයක් නිකුත් කළේය.

මෙම පැකේජය ප්‍රථම වරට පසුගිය සතියේ රාජ්‍ය සභා විධායක රැස්වීමකදී ප්‍රකාශයට පත් කළ අතර, දැන් රාජ්‍ය සභාව සවිස්තරාත්මක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා ඇත.

මෙම පැකේජය මූල්‍ය, පරිභෝජන සහ සැපයුම් දාමය ඇතුළුව ක්ෂේත්‍ර හයක් ආවරණය වන අතර, සම්පූර්ණ පියවර 33කින් සමන්විත වේ.

මූල්‍ය ප්‍රතිපත්තියට අනුව, චීනය පළාත් පාලන විශේෂ බැඳුම්කර නිකුත් කිරීම වේගවත් කරන අතර ආධාරක විෂය පථය පුළුල් කරනු ඇත. ආධාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇති අංශ නවයට අමතරව, නව යටිතල පහසුකම් සහ නව බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට ප්‍රමුඛත්වය දිය යුතු බව රාජ්‍ය සභාව පවසයි.

චීනය මේ වසරේ නිකුත් කරන ලද යුවාන් ට්‍රිලියන 3.45ක විශේෂ බැඳුම්කර කෝටාව නිකුත් කිරීම සහ භාවිතය වේගවත් කරනු ඇත. ජූනි මස අවසන් වනවිට නිකුත් කිරීම අවසන් කිරීමටත්, අගෝස්තු මස අවසන් වනවිට අරමුදල් භාවිතය සම්පූර්ණ කිරීමටත් ඉලක්ක කර ඇත.

චීනය ප්‍රාග්ධන වෙළෙඳපොළළුල් හරහා මූල්‍යකරණ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන අතර මූලික මහජන පිරිනැමීම් සහ ප්‍රතිමූල්‍යකරණය සාමාන්‍යකරණය කිරීමට පහසුකම් සලසනු ඇත.

ආයෝජන සහ පරිභෝජනය ඉහළ නැංවීම සඳහා චීනය වේදිකා ආර්ථිකයේ (Platform Economyයනු වේදිකා මගින් පහසුකම් සපයන ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් වේ. එවැනි වේදිකා සාමාන්‍යයෙන් මාර්ගගත විකුණුම් හෝ තාක්ෂණික රාමු ලෙස දැක්විය හැකිය.) සෞඛ්‍ය සම්පන්න සංවර්ධනයට සහාය වන අතර කුඩා, මධ්‍යම හා ක්ෂුද්‍ර ව්‍යවසායන් සඳහා සහන ලබාදීම සඳහා වේදිකා ව්‍යවසාය සංවර්ධනය භාවිත කරනු ඇත. රැකියා ස්ථාවර කිරීම සඳහා අංශයේ කාර්යභාරය රාජ්‍ය සභාවද පිළිගත්තේය.

මෝටර් රථ අලෙවිය වැඩි කරන්න

නව වාහන මිලදී ගැනීමේ සීමාවන් නිකුත් නොකළ යුතු අතර, චක්‍රලේඛයට අනුව මිලදී ගැනීමේ සීමාවන් ක්‍රියාත්මක කර ඇති කලාප ක්‍රමයෙන් එම පියවර ලිහිල් කළ යුතු බව දක්වා ඇත.

දේශීය ඉල්ලුම පුළුල් කිරීමට සහ පරිභෝජනය උත්තේජනය කිරීමට ප්‍රධාන අංශයක් ලෙස ක්‍රියා කරන චීනයේ සමස්ත සිල්ලර විකුණුම්වලින් 10%ක් මෝටර් රථ අලෙවිය සඳහා වන බව චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ෂෙන්ග් කියුපින්ග් පැවසීය.

චීනයේ මගී මෝටර් රථ අලෙවිය අපේ‍්‍රල් මාසයේදී තුනෙන් එකකට වඩා පහත වැටී ඇති බව සඳහන් කරමින් ෂෙන්ග් පැවසුවේ මෝටර් රථ අලෙවිය ඉහළ නැංවීම සඳහා සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග නිකුත් කිරීමට වාණිජ අමාත්‍යාංශය අදාළ දෙපාර්තමේන්තු සමග කටයුතු කරන බවය. එමෙන්ම නව මෝටර් රථ අලෙවිය වැඩි කිරීම සහ පාවිච්චි කරනලද මෝටර් රථළුල වෙළෙඳපාළ පුනර්ජීවනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.

ගම්බද ප්‍රදේශවල නව බලශක්ති වාහන අලෙවිය ප්‍රවර්ධනය කිරීමට සහ ආරෝපණ පහසුකම් ඉදිකිරීමට සක්‍රියව සහාය දැක්වීමටද දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව ෂෙන්ග් වැඩිදුරටත් පැවසීය.

වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ ව්‍යවසායකයන්ගේ සමාජ ආරක්ෂණ ගෙවීම් ප්‍රමාද නොකිරීම, සමහර බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම වේගවත් කිරීම සහ සැපයුම් දාමයන් ස්ථාවර කිරීමද පැකේජයට ඇතුළත් ය.



Recommended Articles