ආර්ථිකය නැංවීමට මැනිලා කොවිඩ් සීමා ලිහිල් කරලා


පිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.

අගනුවර කලාපයේ අවන්හල්, පල්ලි සහ රූපලාවන්‍යාගාර, බ්‍රහස්පතින්දා සිට අඩු ධාරිතාවකින් විවෘත කෙරෙන අතර තවත් වෘත්තීන් සඳහා ජනතාවට සීමාවන් සහිතව පැමිණීමට අවසර ලබාදී තිබේ.

"අපි සම්පූර්ණ සෞඛ්‍යයක් ආරක්ෂා කිරීම සඳහා වෙහෙසිය යුතුයි. මෙය සාක්‍ෂාත් කර ගත හැක්කේ අපේ ජනතාවගේ සෞඛ්‍ය වගේම ජාතියේ ආර්ථික සෞඛ්‍යය යන දෙකම සලකා බැලීමෙන්, කොවිඩ්-19 ප්‍රතිචාරය හොඳින් සමබර කිරීමෙන් පමණයි." පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ ප්‍රකාශක හැරී රොක් පැවසීය.



Recommended Articles