ආර්ථික භීතිකා මැද ලෝකයේ කොටස්වෙළෙඳපොළ පහළට


ඉහළ උද්ධමනය දිගටම පවතිනු ඇතැයි යන බියෙන් ලොවපුරා කොටස් වෙළෙඳපොළවල් පසුබෑමකට ලක්ව ඇති අතර මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුවලට බල කිරීමත් සමග මෙසේ ගෝලීය කොටස් වෙළෙඳපොළ මාස 19කට පසු බරපතළ පහත වැටීමක් පෙන්වා තිබේ.

එක්සත් ජනපදයේ, ආයෝජකයින් උද්ධමනය උච්චතම අවස්ථාවට පත් විය හැකි බවට ඇති බිය නිසා, එක්සත් ජනපදයේද මේ තත්ත්වය ඇතිව තිබේ. S&P 500 ජනවාරි මාසයේදී එහි සර්වකාලීන ඉහළම මට්ටමට ළඟා වූ දා සිට මේ වනවිට එය කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

රුසියාව දැන් බලශක්ති සැපයුම් ආයුධයක් ලෙස භාවිත කරන බවට ජර්මානු අනතුරු ඇඟවීමත් සමග යුරෝපයේ ආර්ථික කනස්සල්ල උත්සන්න විය.

යුරෝපයේ මහාද්වීපය පුරා STOXX 600 දර්ශකය 0.75%කින් පහත වැටී ඇත. MSCI හි ලොව පුරා කොටස් අගයන් 0.69%කින් පහත වැටී ඇත. එම ප්‍රමුඛ ගෝලීය දර්ශකය මෙම වසර සඳහා 20%කින් පමණ පහළ ගොස් ඇත.

ගෝලීය ආර්ථික භීතිකාවන් එහි ආරක්ෂිත ආකර්ශනය ඉහළ නැංවීමත් සමග ඩොලරය වසර 20ක ඉහළම අගයට නැග්ගේය.



Recommended Articles