ආර්ජන්ටිනා පල්ලියකදී ආබාධිත දරුවන් අපයෝජනයට ලක්වෙලා


ආර්ජන්ටිනා කිතුණු පල්ලියක විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසලේ දරුවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එරට උසාවියක් කිතුණු පූජකවරුන් දෙදෙනෙකුට වසර 40 කට වැඩි සිර දඬුවම් නියම කර තිබේ.

හොරාසියෝ කෝබාචෝ සහ නිකොලා කොරාඩි මෙන්ම, පල්ලියේ ගෙවතු වගාකරුවෙකු 2004 සිට 2016 දක්වා මෙන්ඩෝසා පළාතේ පිහිටි මෙම පාසලේදී ස්ත්‍රී දූෂණ හා අපයෝජනය සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වූහ.

සඳුදා ලබාදුන් තීන්දුව දැක බලා ගැනීම සඳහා වින්දිතයින් කිහිප දෙනෙකුද මෙන්ම, ඔවුන්ගේ පවුල්වල උදවියද උසාවියේ සිටියහ.

පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාගේ නිජබිම හෙවත් ආර්ජන්ටිනාව කම්පනයට පත්කර ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා චෝදනා කරන්නේ, නීතිය ක්‍රියාත්මක කිරීමට පල්ලිය ඉතා සෙමින් ක්‍රියාකළ බවයි.

පල්ලිය පසුගිය දශක කිහිපය තුළ ලොව පුරා ළමා ලිංගික අපයෝජන චෝදනාවලට මුහුණ දී සිටින අතර, මේ සම්බන්ධයෙන් වත්මන් පාප්තුමාගේද දැඩි අවධානය යොමුව තිබේ.



Recommended Articles