ආරක්ෂක හමුදා සාමාජිකයන් 15ක් මාලි හිදී ජිහාඩ් ප්‍රහාරයකින් මරුදකී


ආරක්ෂක හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඉස්ලාමීය සටන්කාමීන් විසින් මාලි නුවරදී ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මධ්‍යම සෙගෝ කලාපයේ සොකොලෝ හමුදා කඳවුරේදී ඉරිදා දිනයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රංශ ප්‍රවෘත්ති සේවය අමතමින් නිලධාරියෙකු පැවසුවේ තුවක්කුකරුවන් යතුරුපැදිවලින් පැමිණි බවත් මියගිය සියලු දෙනා පැරාමිලිටරි පොලීසියට අනුයුක්තව සේවය කළ අය බවත්ය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් බොහෝ විට මාලි සහ ඒ අවට කලාපයේ ප්‍රහාර එල්ල කරති.

පසුගිය වසරේ අගභාගයේදී නැගෙනහිර මාලි හි සටන්කාමීන් විසින් සොල්දාදුවන් 24 දෙනෙකු ඝාතනය කළ අතර, මීට සති කිහිපයකට පෙර තවත් ප්‍රහාරයකින් හමුදා  සාමාජිකයන් 54 ඝාතනයට ලක්විය.

නවතම සිද්ධියේදී ඇසින් දුටුවන් කියා සිටියේ සටන්කාමීන් හමුදා ආම්පන්න සොරකම් කළ බවයි. එම ප්‍රහාරය තැතිගන්වනසුළු ප්‍රහාරයක් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.



Recommended Articles