ආයුධ ලබාදෙන ලෙස යුක්රේනය ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණත්, තම රට යුක්රේනයට ආයුධ සැපයීමක් සිදු නොකරන බව ඊශ්‍රායලය කියයි.
ඊශ්‍රායල අධිකරණ අමාත්‍ය ගිඩිඔන් සාර් අඟහරුවාදා ප්‍රකාශ කළේ තම රට යුක්රේනයට ආයුධ නොයවන බවයි.
"යුක්රේනය සඳහා අපගේ සහයෝගයට ආයුධ පද්ධති සහ ආයුධ ඇතුළත් වන්නේ නැහැ. එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ" සාර් පවසා සිටියේය.
ඉරානය රුසියාවට බැලස්ටික් මිසයිල සපයන බව පවසමින් ඊශ්‍රායලයෙන් යුක්රේනයට හමුදා අධාර ලබා ගැනීමට කාලය පැමිණ ඇති බවට යෝජනා විය. කෙසේ වෙතත්, ඉරානය අවධාරනය කරන්නේ මෙම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.