"ආධිපත්‍යවාදී මැදිහත්වීම්වාදය" අතහැර වැඩි සහයෝගීතාවක් තෝරා ගැනීමට කාලය එළැඹ ඇති බව මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රඩෝර් උතුරු ඇමෙරිකානු නායක සමුළුව අවසානයේ පවසා සිටියේය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ ලෝපෙස් ඔබ්රඩෝර් මෙක්සිකෝ නගරයේදී මෙම සමුළුවට රැස්වූහ.
සමස්ත ඇමෙරිකානු මහාද්වීපයේම ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමේ ප්‍රමුඛතාවට අමතරව, නායකයින් ජනතාවගේ යහපැවැත්ම, සහයෝගීතාවයේ නව බැඳීම් සහ ආධිපත්‍යවාදී මැදිහත්වීම් අත්හැරීම පිළිබඳව සාකච්ඡා කළ බව ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ලෝපෙස් ඔබ්රඩෝර් සඳහන් කළේය.
උතුරු ඇමෙරිකාවේ සැලසුම් කිරීම සහ ආනයන ආදේශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් නිර්මාණය කිරීමට රටවල් තුන එකඟ වූ බව ලෝපෙස් ඔබ්රඩෝර් පැවසුවේ රටවල් අතර සමාන සැලකීම ඉල්ලා සිටිමිනි.
සංක්‍රමණ, ෆෙන්ටැනයිල් ජාවාරමට එරෙහි සටන සහ දේශගුණික විපර්යාස පිළිබඳවද සමුළුවේදී අවධානය යොමු වී තිබේ.