ලොව පුරා මිලියන භාගයක ජනතාවක් සිටින ආදිවාසී ප්‍රජාවන් බොහෝවිට දුර්වල ජීවන තත්ත්වයන් හේතුවෙන් නව කොරෝනා වෛරස වසංගතයට ගොදුරු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
"අපි එන්නතක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු නැහැ. අපි දැන් ජීවිත බේරා ගත යුතුයි" අධ්‍යක්ෂ ජනරාල්වරයා ජිනීවා නුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේය.