බොලීවියාවේ, චික්විටානියා කලාපයේ ආදිවාසී කණ්ඩායමක සාමාජිකයන් 200ක් පමණ එක්ව, ඔවුන්ගේ ප්‍රදේශ විනාශ කරන ලැව්ගිනි වළක්වාලන්නට ක්‍රියාමාර්ග ගන්නා ලෙස විරෝධතා පාගමනකට සහභාගී වී තිබේ.
ඔවුන් ඊවෝ මොරාලෙස්ගෙන් ඉල්ලා සිටින්නේ විශාල වනාන්තර ප්‍රදේශ මෙන්ම ගොවිබිම් හා ගොවිපලවල් විනාශ වීමෙන් බොහෝ දෙනෙකු අසරණ වී ඇති බවයි.
ජනාධිපති ඊවෝ මොරාලෙස් ජාත්‍යන්තර ආධාර පිළිගෙන ඇති නමුත් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම නවතා දමා තිබේ.
මෙම ගින්නෙන් වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශය වන්නේ චික්විටානියා ය. එන්ජීඕ ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් නේචර් පදනම (FAN) ගණන් බලා ඇති පරිදි හෙක්ටයාර් මිලියන 2.9ක් මෙ මලැව්ගිනි නිසා විනාශ වී ඇති අතර, විරෝධතා පාගමනට සහභාගී වන බොහෝ දෙනා චික්විටානෝස් ආදිවාසී කණ්ඩායමයි.