ජපානයේ හිටපු අගමැතිවරයෙකු වූ ෂින්සෝ අබේ ජීවිතයෙන්ද වන්දි ගෙවූ එරට ආගමික නිකායක් හේතුවෙන් මේ වනවිට එරට වත්මන් ඇමති මණ්ඩලය තුළ අවුලක් නිර්මාණය වී ඇති බව කියයි.
එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා විසින් සිය කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ කෙන්යා අකිබා එම ධුරයෙන් නෙරපා හැරීය.
විශේෂයෙන්ම යුනිෆ්කේෂන් චර්ච් නම් වූ එම ආගමික නිකාය සමග පවතින සබඳතා ඔහුව එම ධුරයෙන් නෙරපා හැරීමට මූලික හේතුව වී ඇත. මීට අමතරව ඔහු වෙත යම් දූෂණ චෝදනාවන්ද එල්ල වී තිබේ.
වත්මන් අගමැතිවරයා සිය රජය සහ කැබිනට් මණ්ඩලය පිහිටුවා මාස දෙකක් ඇතුළත මෙසේ ධුරයෙන් පහ කළ සිව්වැනි අමාත්‍යවරයා ලෙසද කෙන්යා අකිබා සැලකෙයි.