කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සාර්ථකව කටයුතු කළ බොහෝ රටවල ආගමික උත්සව සහ ජනතාව ඒකරාශී වන වැඩසටහන් ආදී අනාරක්ෂිත පසුබිම් හේතුවෙන් එම රටවල ආසාදිතයන්ගෙන් යළි වැඩිවීමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාරියා වැන් මාරියා වැන් කෙර්කොව් මාර්ගගත සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළාය.
"වෛරසය අල්ලා ගැනීමට ඇති ඕනෑම අවස්ථාවක්, එය හොඳ අවස්ථාවක් කර ගන්නවා. මේ සිද්ධීන් වේගයෙන් හඳුනා ගැනීමට රටවල්වලට හැකි වීම ඇත්තෙන්ම වැදගත් වෙනවා" කෙර්කොව් පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මයික් රයන් කියා සිටියේ දකුණු කොරියාවේ සමාජශාලා, නවාතැන් හා විනෝද උද්‍යාන හා සම්බන්ධ නව පොකුරු ඇති බවත්, උතුරු ඉතාලියේ අපජල සොයාගැනීම්වලින් පෙනී යන්නේ කිසිවෙකු තේරුම් ගැනීමට පෙර වෛරසය එහි සංසරණය වීමට අවස්ථාවක් ඇති බවත්ය.