අහඹු මිසයිල ප්‍රහාරය ගැන ඒකාබද්ධ පරීක්ෂණයක් ඕනෑ


ඉන්දියාව පවසන ආකාරයට අහඹු ලෙස පාකිස්තානය වෙත එල්ල වූයේ යැයි කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු පාර්ශ්වයේ පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත්, ඒ වෙනුවට ඒකාබද්ධ පරීක්ෂණයක් අවශ්‍ය බවත් පාකිස්තානය පවසයි.

ඉන්දියාව අහඹුවක් ලෙස තම භූමියට සිදුකළා යැයි කියන මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට නවදිල්ලි ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක්ද ඉල්ලා සිටිමින් පාකිස්තානය මෙම අදහස පළකර තිබේ.

"ඉන්දියානු බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සරල පැහැදිලි කිරීම් සමග එවැනි බරපතල කාරණයක් විසඳිය නොහැකියි." පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles