මෙම සතිය මුලදී අහම්බෙන් පකිස්තානය වෙත මිසයිලයක් එල්ල වීම සාමාන්‍ය නඩත්තු කටයුතු අතරතුර සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා හේතු වූවක් බව පවසමින්, ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
"2022 මාර්තු 9 වැනි දින සාමාන්‍ය නඩත්තු කටයුතු අතරතුර, කාර්මික දෝෂයක් හේතුවෙන් මිසයිලයක් අහම්බෙන් වෙඩි තැබීම සිදුවී තිබෙනවා. මිසයිලය පාකිස්තානයේ ප්‍රදේශයකට පතිත වූ බව දැනගන්නට ලැබුණා. මෙම සිදුවීම දැඩි කණගාටුවට කරුණක් වන අතර, අනතුර හේතුවෙන් ජීවිත හානියක් සිදු නොවීම සහන දනවන කරුණක් වෙනවා" යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉන්දීය රජය ඉහළ මට්ටමේ විමර්ශනයකටද නියෝග කර තිබේ.
හඳුනා නොගත් වස්තුවක් රටේ ගුවන් සීමාවට දියත් කළ බවට පාකිස්තානය බ්‍රහස්පතින්දා ඉන්දියාවට චෝදනා කළේය. එය අවසානයේ නැගෙනහිර පළාතකට කඩා වැටී තිබුණි. මෙය පරීක්ෂා කිරීමෙන් පසුව එය පොළොවේ සිට පොළොව වෙතම එල්ල කෙරෙන ඉන්දියානු සුපර්සොනික් මිසයිලයක් බව ඉස්ලාමාබාද් සඳහන් කළේය.