කොවිඩ්-19 හි ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරීම හේතුවෙන් එක්සත් ජනපද නිවාඩු සංචාර සමයේදී ගුවන් ගමන් 2,300කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ.
ගුවන් ගමන් ලුහුබැඳීමේ වෙබ් අඩවියට අනුව, සෙනසුරාදා උදෑසන 7:30 වනවිට එක්සත් ජනපදයට ඇතුළු වන, පිටවන හෝ ඇතුළත ගුවන් ගමන් 2,311ක් අවලංගු කරන ලද අතර, තවත් ගුවන් ගමන් 424ක් ප්‍රමාද වී ඇත.
"නිවාඩු සතිය පුරාවටම බාධා කිරීම් සිදුවී ඇති අතර, රට පුරා පිහිටි ගුවන් තොටුපලවල නිවාඩු බලා යන සංචාරකයින් අතරමං වී සිටිනවා" ෆොක්ස් බිස්නස් වාර්තා කරයි.
Delta, United සහ JetBlue වැනි ප්‍රධාන ගුවන් සමාගම් මේ තත්ත්වය සම්බන්ධයෙන් සියල්ල ඔමික්‍රෝන් ප්‍රභේදයට දෝෂාරෝපණය කර ඇත්තේ, ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් අවසන් මොහොතේ ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවූ බව පවසමිනි.
කාර්ය මණ්ඩල හිඟය සමඟ බැඳී ඇති ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් පසුගිය වසර පුරා එක්සත් ජනපද ගුවන් සේවා කර්මාන්තය සඳහා නිරන්තර ගැටලුවක් වී ඇත.