ටියුනීසියාවේ නිදහස් මැතිවරණයකින් තේරීපත් වූ සහ බලයේ සිටින ලොව වයස්ගතම ජනපති බේජි කෙයිඩ් එසෙබ්සි අවුරුදු 92ක් ආයු වළඳා සිය දිවි ගමනට සමුදී තිබේ.
ජනපතිවරයා හදිසියේ රෝගාතුරව පසුගිය බදාදා රෝහල්ගත කර තිබුණු අතර, ඔහු රෝහල්ගත කිරීම පිළිබඳව එරට ජනාධිපති කාර්යාලය මුලින් කිසිවක් සඳහන් නොකළේය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා අද (25දා) හදිසියේ අභාවප්‍රාප්ත වූ බව ජනපති කාර්යාලය නිල වශයෙන් දැනුම්දෙන ලදී.
වර්ෂ 2014 දී අරාබි වසන්තය සමග ටියුනීසියාවේ පැවති ප්‍රථම නිදහස් මැතිවරණයෙන් හෙතෙම බලයට පත්වූ අතර, මෙතෙක් කලක් එරට නායකයා ලෙස කටයුතු කළත් වයෝවෘද්ධභාවය නිසාම වරින් වර රෝගාතුර විය.
මෙම මරණයත් සමග එරට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එරට පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කරන මොහොමඩ් එනසියර් අන්තර්වාර ජනපති ලෙස ධුරයේ දිවුරුම් දී තිබේ.