අලුත් අවුරුද්දේ ප්‍රමුඛතාව එන්නත ලබාගැනීම -UNGA


එලැඹෙන අලුත් අවුරුද්ද සඳහා තමාගේ පළමු ඉලක්කය ලෝකය එන්නත් කිරීම සහ එන්නත් සමානාත්මතාව ළඟාකර ගැනීම බවත්, එමගින් පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට සමස්ත ලෝකයටම ආපසු යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් පවසයි.

"මගේ ප්‍රමුඛතාව එන්නත්වලටයි. ඒ නිසයි මම ජනවාරි 13දා මෙම ඉහළ පෙළේ රැස්වීම කැඳවන්නේ. එන්නත් පිළිබඳ මගේ අලුත් අවුරුදු යෝජනාව ඉදිරිපත් කිරීමට මට අවශ්‍ය වන්නේ ඒ නිසයි" UNGA සභාපති ඉදිරි වසර සඳහා ඔහුගේ ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී වාර්තාකරුවන්ට පැවසීය.

ෂාහිඩ් විසින් UN සාමාජික රටවල් 193ම එකට ගෙන කොවිඩ්-19 එන්නත පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

"මගේ ජීවිතයේ, පසුගිය දශක කිහිපය තුළ මට අලුත් අවුරුදු යෝජනා රැසක් තිබුණා, නමුත් මෙවර මම වඩාත් නිහතමානී යෝජනාවක් ගෙන එනවා. ලෝකයම එන්නත් කිරීම මා තෝරා ගන්නවා. මට අවශ්‍ය හැමෝම මාත් සමග එකතු වෙනවාටයි" ෂාහිඩ් අවධාරණය කළේය.

"ජාත්‍යන්තර ප්‍රජාවට මෙය කිරීමට හැකියාව තිබෙනවා. දැන් එය ඉතා පැහැදිලියි. අපට ලෝකය එන්නත් කළ නොහැකි නම්, මෙයින් (කොවිඩ්-19 වසංගතයෙන්) මිදීමට මඟක් ඇත්තේ නැහැ." හෙතෙම පැවසීය.



Recommended Articles