අරාබියේ ප්‍රථම චන්ද්‍ර රෝවර් යානය අභ්‍යවකාශය වෙතට


එක්සත් අරාබි එමීරය විසින් සාදන ලද ප්‍රථම චන්ද්‍ර අභ්‍යවකාශ යානය හෙවත්, රෂීඩ් රෝවර් යානය අභ්‍යවකාශයට රැගෙන යමින්, SpaceX Falcon 9 රොකට්ටුවක් අද (11දා) ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයෙන් දියත් කර තිබේ.

රෂීඩ් රෝවර් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (MBRSC) විසින් ඉදිකරන ලද අතර, ජපාන චන්ද්‍ර ගවේෂණ සමාගමක් වන ispace විසින් නිර්මාණය කරන ලද HAKUTO-R ලෑන්ඩරය මගින් ගොඩබෑම සිදුකරනු ඇත. එම ගොඩබෑම සාර්ථක වුවහොත්, HAKUTO-R සඳ මත පාලනයකින් ගොඩබෑමක් කළ පළමු වාණිජ අභ්‍යවකාශ යානය බවටද පත්වනු ඇත.

මෙහෙයුම චන්ද්‍රයා වෙත අඩු ශක්ති මාර්ගයකින් ගමන් කරන අතර, එය 2023 අප්‍රේල් මාසයේදී පමණ ඒ ආසන්නයට පැමිණීමට නියමිතය. ඒ වෙත පැමිනි පසු, රෝවරය එහි ප්‍රධාන මෙහෙයුම් සිදු කරමින් එක් චන්ද්‍ර දිනයක් (පෘථිවියේ දින 14.75 ට සමාන) මතුපිට ගත කරනු ඇත. එය ක්‍රියා විරහිත කිරීමට පෙර, චන්ද්‍රයාගේ දැඩි රාත්‍රී පරිසරයෙන් රෝවරය නොනැසී පවතිනු ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා, ද්විතියික මෙහෙයුම් සිදු කරමින් දෙවැනි චන්ද්‍ර දිනයක් ගත කරනු ඇත.



Recommended Articles