අර්බුදයට ලක්වූ ජෙට් එයාර්වේස් සභාපතිවරයා ධුරයෙන් ඉවත් වේ


මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ ආදිකර්තෘවරයා එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නරේෂ් ගොයාල් මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වීම තුළ ඉන්දියාවේ පැරණිතම පෞද්ගලික ගුවන් සේවය සඳහා හොඳ ආයෝජකයෙකු සොයාගැනීමට මග විවර වනු ඇති බව කියැවෙයි.

මෙම ගුවන් සේවය මේ වනවිට ඇ.ඩො.බිලියනයක පමණ ණය උගුලක සිරවී සිටින අතර, ඔවුන්ගේ ඇතැම් ගුවන්යානා ගොඩබස්වනු ලැබුවේ කාර්ය මණ්ඩලයට පඩිනඩි පවා ගෙවාගැනීමට නොහැකි වීමෙනි.

කෙසේ වෙතත්, සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ නිවේදනයත් සමග සමාගමේ කොටස් අගය 12%කින් ඉහළ නැග ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles