යුක්රේන ප්රශ්නය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සංයමයෙන් ක්‍රියා කරන ලෙසත්, සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ බීජිං හි ස්ථාවරය නැවත අවධාරණය කරන බවත් චීනය පවසයි.
"වර්තමාන සන්දර්භය තුළ, අදාළ සියලු පාර්ශ්වයන් සංයමයෙන් ක්‍රියා කළ යුතු අතර ආතතිය උග්‍ර කළ හැකි කිසිදු ක්රියාමාර්ගයකින් වැළකී සිටිය යුතුයි" එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත ෂැං ජුන් පැවසීය.
"යුක්රේනයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව චීනය අවධානය යොමු කර තිබෙනවා. සියලුම රාජ්‍යවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ඒකාබද්ධව තහවුරු කළ යුතුයි." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
"යුක්රේනය පිළිබඳ ගැටලුව ඓතිහාසික හා වර්තමාන සාධකවල සංකීර්ණ ජාලයක් තුළ මුල් බැස ඇති බව අප අවබෝධ කරගෙන සිටිනවා. එම සාධකවල අන්තර් ක්‍රියාකාරිත්වය දැන් උද්ගතව ඇති තත්ත්වය දක්වා මෙය වර්ධනය කර තිබෙනවා" ෂැං යුක්රේන ගැටලුවේ සංකීර්ණත්වයද අවධාරනය කළේය.
"බෙදිය නොහැකි ආරක්ෂාව පිළිබඳ මූලධර්මය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හඳුනා ගැනීමටත්, සංවාදයේ සහ උපදේශනවල නිරත වීමේ වැදගත්කම හඳුනා ගන්නා ලෙසත්, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය මත සාමකාමී ක්‍රම මගින් එකිනෙකාගේ ගැටලු විසඳීමට සාධාරණ විසඳුම් සෙවීමටත් චීනය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට පහසුකම් සැලසීම අරමුණු කරගත් සියලු උත්සාහයන් දිරිමත් කරන්නට අප සූදානමින් සිටිනවා" තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.