අයිස්ලන්ත කාන්තාවන් අයිතිය ඉල්ලා හඬ නඟයි


ස්ත්‍රී පුරුෂභාවය මත වේතනයන් හි සිදුවන මදිපුංචිකම්වලට විරෝධය පළ කරමින් අයිස්ලන්ත අගමැතිනිය ඇතුළු දහස් ගණනක් කාන්තාවන් පසුගියදා විරෝධතාවක් දක්වා තිබේ.

ඒ අනුව, කාන්තාවන් සිය වෘත්තීන්ගෙන් ඉවත්ව දිනක් ගත කරමින් මෙම විරෝධතාව පළකර ඇති අතර, එහිදී ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගත් වේතනයන් සහ ප්‍රචණ්ඩත්වයටද මෙම විරෝධතාව මූලික වී ඇත.

විශේෂයෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපන ආදී වශයෙන් කාන්තාවන් වැඩි වශයෙන් දායකත්වය දක්වන ක්ෂේත්‍රයන් තුළ මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙයි.



Recommended Articles