අයිස්ලන්ත අගමැතිනී කැට්රින් ජාකොබ්ඩොට්රි සිය පවුලේ සාමාජිකයෙකුගෙන් වෛරසය වැළඳීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව නිවේදනය කර තිබේ.
"මගේ බාල පුතාට පෙබරවාරි 01දා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදුකර තිබුණා. එතැන් සිට අපේ නිවසේ තවත් සාමාජිකයෙකුටද වෛරසය වැලඳුණා. ඒ අනුව මමද ඊයේ රාත්‍රියේ ධනාත්මක බව පරීක්ෂා කරන විට එය පුදුමයක් නොවෙයි" ඇය ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණි.
එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන තිබුණු අගමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඇය නිරෝධායනය වී සිටින බවත් අගමැති කාර්යාලය සඳහන් කර තිබුණි.