අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව නොසතුට පළකරයි


ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, පසුගිය බදාදා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ කළ සාකච්ඡාවකදී පාකිස්තානයේ F-16 ප්‍රහාරක ජෙට් යානා සඳහා එක්සත් ජනපද නඩත්තු පැකේජයක් පිළිබඳව කනස්සල්ල පළකර තිබේ.

සිං ඔස්ටින් සමඟ "උණුසුම් හා ඵලදායී" ඇමතුමක් සිදුකළ බව පැවසූ අතර, ඔවුන් ඔවුන්ගේ හවුල් උපායමාර්ගික අවශ්‍යතා සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර තිබුණි.

“පකිස්තානයේ F-16 බලඇණිය සඳහා නඩත්තු පැකේජය සැපයීමට මෑතදී එක්සත් ජනපදය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ කනස්සල්ල පළ කළ බව ඔහු පැවසීය.



Recommended Articles