රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ක්රියාත්මක කරන යුද මෙහෙයුම විවේචනය කළ එරට ප්රධාන පෙළේ ධනවතෙකු ඉන්දීය සංචාරයක් අතරතුර ඔහු ලැගුම්ගෙන සිටි හෝටලය තුළ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාවෙල් ඇන්ටොව් ලෙස හඳුනාගෙන ඇති 65 හැවිරිදි රුසියානුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිටත් ඉන්දියාව පරීක්ෂණ අරඹා ඇත.
ඔහු පසුගියදා තවත් රුසියානුවන් තිදෙනෙකු සමග ඉන්දියාවට පැමිණ තිබුණත්, ඔහු සමග පැමිණි තවත් අයෙකු හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වී තිබේ.
මෙම මරණය හදිසි අනතුරක්ද, නැත්නම් අභිරහස් මරණයක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඉන්දීය පොලීසිය පවසයි.