අභ්‍යවකාශයේ සිට කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම්


මාස හයක මෙහෙයුමක් සඳහා චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයේ දෙවැනි කාන්තා ගගනගාමිවරිය වන වැන්ග් යැපින්ග් මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට වීඩියෝ පණිවිඩයක් එවමින් ලොව පුරා සිටින කාන්තාවන්ට ගෞරවයක් වශයෙන් සුබපැතුම් එවා ඇත.

"අභ්‍යවකාශ සිහින ඇති සියලුම ගැහැණු ළමයින් තරු මුහුදට (අභ්‍යවකාශයට) යාමේ ඔවුන්ගේ දැක්ම ආරක්ෂා කරනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා. දිනක ඔබ අවදි වනවිට ඔබේ සිහිනය දැනටමත් ළඟා වී ඇති බව ඔබට පෙනෙනු ඇති" වැන්ග් පැවසීය.

කාන්තාවන්ගේ පැමිණීම නිසා අභ්‍යවකාශය කිසිවිටකත් එහි පරිසරය වෙනස් කර හෝ එහි සීමාව පහත හෙළා නැති බවත්, අභ්‍යවකාශයට අනුවර්තනය වීමට සහ වැඩ කිරීමට කාන්තාවන්ට ඇති හැකියාවේ සැලකිය යුතු වෙනස්කම් නොමැති බව පියාසැරි දත්ත පෙන්වා දෙන බවත් ඇය පැවසුවාය.

"කාන්තාවන්ට පිරිමි ගගනගාමීන් හා සමාන පුහුණුවක් සහ ඇගයීමක් උසස් ප්‍රමිතියකින් සම්පූර්ණ කළ හැකියි. තවද කාන්තාවන්ගේ බොහෝ ශාරීරික හා මානසික ලක්ෂණ පිරිමි ගගනගාමීන්ට අනුපූරක වීම නිසා අභ්‍යවකාශයේ වාසියක් ඉටු කළ හැකියි" ඇය පැවසුවාය.

"මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසර මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් කාන්තාවන් සහභාගී වනු ඇතැයි සිතින්න අවශ්‍යයි. එය අනාගතයේ දී මහා පරිමාණ සහ දිගු කාලීන මානව ගවේෂණයට ඉතා වැදගත් බලපෑමක් ඇති කරනු ඇති" ඇය වැඩිදුරටත් පැවසුවාය.



Recommended Articles