අභ්‍යවකාශයේ රැඳී සිටි චීන ගගනගාමීන් 17දා පෘථිවියට


මාස තුනක කාලයක් අභ්‍යවකාශයේ කක්ෂගතව තිබූ ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලය සැප්තැම්බර් 17දා පෘථිවිය වෙත පැමිණීමට නියමිතව තිබේ.

2003 ඔක්තෝබර් 15 දින සිට චීනයේ මිනිසුන් සහිත සෑම අභ්‍යවකාශ මෙහෙයුමකදීම ආරක්ෂිතව පෘථිවිය කරා පැමිණෙමින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇත.

ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වීම සැප්තැම්බර් 16දා සාර්ථකව සිදුවුණි. ඒ අනුව නී හෙයිෂෙන්ග්, ලියු බෝමින් සහ ටෑං හොංබෝ යන ගගනගාමීන් දින 91ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මධ්‍ය මොඩියුලයේ එම කාලය ගත කළේ එක් මෙහෙයුමක් තුළ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි ගගනගාමීන් පිරිස ලෙසිනි. ඒ අනුව දැන් එම කාර්ය මණ්ඩලය දැන් ෂෙන්ෂෝ -12 අභ්‍යවකාශ යානයෙන් ගෙදර යමින් සිටියි.



Recommended Articles