මැතිවරණ ප්රචාරක දේශනයකදී වෙඩි තබා ඝාතනය කළ හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූලි 12 අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව ජපාන රජය පවසයි.
හිටපු ජපාන නායකයාට වෙඩි තැබූ සැකකරු ෂින්සෝ අබේගේ සම්බන්ධයක් ඇතැයි සිතූ යම් කණ්ඩායමක් කෙරෙහි ඇති වෛරයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ අතර ඝාතනයට ලක්වූ ෂින්සෝ අබේ වෙනුවෙන් ලොවපුරා රාජ්‍ය නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන සිය බලවත් ශෝඛය පළ කර ඇත.