න්‍යෂ්ටික යුද්ධයක් මනුෂ්‍යත්වයට ව්‍යසනකාරී වනු ඇති අතර, යුක්රේනයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා නොපැමිණෙන ලෙස මොස්කව් යාඥා කරන බව රුසියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පවසා තිබේ.
ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් රටේ න්‍යෂ්ටික අවි ගබඩාව ඉහළ සටන් සීරුවෙන් තැබීම සම්බන්ධයෙන් යොමුවූ පැනයකට අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියාවේ නිත්‍ය නියෝජිත වසීලී නෙබෙන්ස්යා පිළිතුරු දුන්නේය.
"න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ගත්තොත්, දෙවියන් වහන්සේ මෙයට ඉඩ නොදෙනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා" ඔහු පැවසීය.
අඟහරුවාදා ජිනීවා නිරායුධකරණ සම්මන්ත්‍රණයේ වීඩියෝ සබැඳිය හරහා කතා කරමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ද තර්ක කළේ න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා ගියහොත් ජයග්‍රාහකයෙකු නොමැති බවයි.
මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාද එවන් ගැටුමක් කිසිදා සිදු නොවනු ඇතැයි බලාපොරොත්තුව පළ කළ අතර, යුරෝපයෙන් සිය යුධ හස්තය ඉවත් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය. කියෙව්හි න්‍යෂ්ටික නොවන තත්ත්වය උල්ලංඝනය කිරීමට එක්සත් ජනපදය තර්ජනය කරන බවටද ඔහු චෝදනා කළේය.
"න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ (අවි හුවමාරු කිරීමේ) ගිවිසුමේ මූලික විධිවිධානවලට පටහැනිව, එක්සත් ජනපද පරමාණුක අවි තවමත් සමහර යුරෝපීය රටවල භූමියේ පිහිටා තිබීම අපට පිළිගත නොහැකියි" යනුවෙන් නිලධාරියා සඳහන් කළේය.
"කියෙව් බලධාරීන් තමන්ගේම න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ සැලසුම්වලට අදාළ භයානක ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ පාලන තන්ත්රය අසල්වැසි රටවලට සහ ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ල කරන අන්තරායන් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවද ඔහු පැවසීය.
ඉරිදා පූටින් විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලවලින් සමන්විත රටේ භූමි ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තැබීමට නියෝග කළේය. මොස්කව්ට එරෙහි නීත්‍යානුකූල නොවන සම්බාධක සහ එක්සත් ජනපද හා යුරෝපා සංගම් නිලධාරීන්ගෙන් එන ආක්‍රමණශීලී ප්‍රකාශ හමුවේ මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය.
රුසියාව පසුගිය බ්‍රහස්පතින්දා යුක්රේනයේ සිය හමුදා මෙහෙයුම දියත් කළේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් පසුවය. ක්‍රෙම්ලිනයට අනුව ප්‍රහාරයේ ඉලක්කය වන්නේ යුක්රේන පාලන තන්ත්රය විසින් වසර අටක් පුරා වධ හිංසාවට ලක්වූ ඩොන්බාස් ජනතාව ආරක්ෂා කිරීම බව කියයි.