අප්‍රිකානු මහද්වීපයේ තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සිකුරාදා සවස වන විට 11,001,034 හෝ මිලියන 11කට වැඩි සංඛ්‍යාවකට ළඟා වූ බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (අප්‍රිකාව CDC) පවසයි.
ලෝකයේ සෙසු කලාපවලට සාපේක්ෂව කොවිඩ්-19 වසංගතය හමුවේ අප්‍රිකානු කලාපය එතරම්ම දරුණු බලපෑමකට ලක් නොවීම කැපී පෙනෙන තත්ත්වයකි.
කෙසේ වෙතත් ආසන්නතම ඔමික්‍රෝන් ප්‍රභේදය අප්‍රිකානු කලාපයෙන් ඉස්මතු වීමටද, මුල් වටයේ එම කලාපය තුළ ආසාදිතයන් අඩුවීම නිසා එන්නත්කරණය වේගවත් නොවීමද හේතු වූ බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.