අප්‍රිකාවට ලැබුණේ එන්නත් මාත්‍රාවන්ගෙන් සියයට 2යිලු


ගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එන්නත් විෂමතාව වඩාත් දරුණුවට දැකිය හැකි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වී ඇත්තේ අප්‍රිකාව තුළ අවම වශයෙන් 40%ක් මේ වසර අවසානය වනවිටත්, ලබන වසරේ මැද භාගය වනවිට 70කටත් එන්නත් ලබා දීමයි.

කෙසේ වෙතත්, අප්‍රිකාවේ රටවල් දෙකක් පමණක් සියයට 40ක ඉලක්කය සපුරා ඇති අතර, එය ඕනෑම කලාපයකට වඩා අඩුම අගයක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසීය.



Recommended Articles