නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා අප්‍රිකානු රටවලට ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනතුරු ඇඟවීය.
කලාපයේ රටවල් කිහිපයක රෝගීන් සංඛ්‍යාව තවමත් අඩු මට්ටමක පැවතුනද, පසුගිය සතියේ වැඩිවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පැවති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි මෙහෙයුම් ප්‍රධානී වෛද්‍ය මයික් රයන් සඳහන් කළේය.
"අප මේ වනවිට අප්‍රිකාවේ රෝගය වේගවත් වීමක් දැකීමට පටන් ගෙන ඇති බව මම ඉතා කනස්සල්ලට පත්ව සඳහන් කරනවා. අපි එය ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුයි" ජිනීවා හි මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය රයන් සඳහන් කළේය. "එම රටවල් බොහොමයක් පවතින්නේ අස්ථාවරත්වය හා ගැටුම් මධ්‍යයේයි."
මේ අතර අප්‍රිකානු කලාපයේ ආසාදිතයන් වැඩිම රට දකුණු අප්‍රිකාව වන අතර එරට ආසාදිතයන් 373,628ක් අද (21දා) උදෑසන වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි. එසේම වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව කට වඩා වැඩි COVID-19 හා ඊට සම්බන්ධ මරණ 5,173කි. අප්‍රිකාවේ වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරයි.