අප්‍රිකානු සංචාරයකට එක්වූ බ්‍රිතාන්‍යයේ ආචි පුංචි කුමරු


සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරිය ඔවුන්ගේ ළදරු පුත් ආචී සමග පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී අගරදගරු ඩෙස්මන්ඩ් ටුටු වෙත සිය බිළිඳා හඳුන්වා දුන්නේය.

මෙම යුවළගේ දින 10ක අප්‍රිකානු සංචාරයේදී මාස හතරක් වන ආචී කුමරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණි අවස්ථාව මෙයයි.

ආචී තම මවගේ දෑතෙහි සිනාසෙමින් සිටින ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වූ අතර, හැරී කුමරු සහ මේගන් අගරදගුරුතුමාට සුබ පතන ඡායාරූපද ඒ අතර විය.

"ඔහු අතීත ආත්මයක්" යැයි මේගන් පැවසද්දී, "මම හිතන්නේ ඔහු දැනටමත් ඒ සඳහා පුරුදු වෙලා." යැයි හැරී කීය.

වර්ණභේදවාදයට එරෙහි වීම නිසා නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වූ අගරදගුරු ටුටු කියා සිටියේ රාජකීයයන් හමුවීමේ “දුර්ලභ වරප්‍රසාදය හා ගෞරවය” ගැන තමා සතුටට පත්වන බවයි.

කේප් ටවුන් හි පිහිටි ඔහුගේ ලෙගසි පදනමේ යුවළ සහ ආචී සමඟ ඔහු පැය භාගයක් ගත කළේය. එය පදනම් වී ඇත්තේ ශතවර්ෂ ගණනක් පැරණි ගොඩනැගිල්ලක වහලුන් විසින් ඉදිකරන ලද්දකි.



Recommended Articles