අප්‍රිකානු සංගමය තුළ ඊශ්‍රායලය වෙත ලැබුණු තැන අහිමි වෙයිද?


අප්‍රිකානු සංගමයේ ඊශ්‍රායලයට ලබාදී තිබූ නිරීක්ෂක තත්ත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති බව එම සංගමය දැනුම් දී තිබේ.

අප්‍රිකානු සංගමය සඳහා වූ ඊශ්‍රායල් තානාපති අලේලි අඩ්මසු වෙනුවෙන් ලබාදී තිබූ වෙනත් අයෙකුට පැවරිය නොහැකි ආරාධනාව යොදා ගනිමින් ඊශ්‍රායල් තානාපති ෂැරොන් බාර්-ලී අප්‍රිකානු සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගි වීමට උත්සාහ කිරීමේදී ඇතිවූ මතභේදයත් සමග මෙම තීරණය ගෙන තිබේ.

මෙම සමුළුව පසුගියදා ඉතියෝපියාවේදී පැවති අතර, එහිදී, ආරක්ෂකයන් විසින් බාර්-ලි අප්‍රිකානු සංගමයේ සමුළුව පැවති ශාලාවෙන් පිටතට රැගෙන යන දසුන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය.



Recommended Articles