අප්‍රිකානු කලාපයේ කොවිඩ් ආසාදනවල සුළු අඩුවීමක්


සති හයක් පුරා ආසාදිතයන් වැඩිවීමකින් පසු, මූලික වශයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන අප්‍රිකාවේ කොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල සමතලා වෙමින් පවතින බවත්, මහාද්වීපයේ මේ දක්වා අඩුම කාලයකින් සමස්ත ආසාදිතයන් මිලියන 10ක් ඉක්මවා ඇති අවස්ථාව සලකුණු කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අප්‍රිකාව සඳහා WHO හි ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රකාශයකට අනුව, ජනවාරි 9දායින් අවසන් වන සතිය තුළ සතිපතා ආසාදනවල පහළ යෑමක් දැකගත හැකිවිය. නවතම රැල්ල තුළ ආසාදනවල විශාල වැඩිවීමක් දුටු දකුණු අප්‍රිකාව පසුගිය සතිය තුළ 14%කින් ආසාදන පහත වැටීමක් වාර්තා කළ අතර, ඔමික්‍රොන් ප්‍රථමයෙන් වාර්තා වූ දකුණු අප්‍රිකාව සමග කලාපයේ සතිපතා ආසාදනවල 9%ක පහත වැටීමක් වාර්තා විය.

කෙසේ වෙතත්, උතුරු සහ බටහිර අප්‍රිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, උතුරු අප්‍රිකාව පසුගිය සතියේ පෙර සතියට සාපේක්ෂව ආසාදනවල 121%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

මහාද්වීපය පුරා, ප්‍රධාන වශයෙන් ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් අතර ආසාදන හේතුවෙන්, පෙර සතියට සාපේක්ෂව ජනවාරි 9දායින් අවසන් වූ දින හත තුළ මරණ 64%කින් ඉහළ ගියේය. එසේ වුවද, අප්‍රිකානු මහාද්වීපයේ සිව්වැනි රැල්ලේ මරණ පෙර පැවති රැලිවලට වඩා අඩු වී ඇත.

මේ වන විට අප්‍රිකානු රටවල් 30ක් තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර ඩෙල්ටා ප්‍රභේදය අප්‍රිකානු රටවල් 42කින් වාර්තා වී ඇත.



Recommended Articles