අප්‍රිකානු කලාපය පුරා ඇති නව කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් 84%ක්ම රටවල් 8කින් වාර්තා වන බව අප්‍රිකානු ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි පවසයි.
අප්‍රිකානු කලාපයේ රටවල් 47ක් පුරා ආසාදිතයන් 265,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 7,000ක් මියගොස් ඇති බව මොයිටි සඳහන් කළාය.
"නව ආසාදිතයන්ගෙන් බහුතරයක් වාර්තා වන්නේ විශේෂිත උණුසුම් ස්ථාන, පළාත් සහ අදාළ රටවල දිස්ත්‍රික්කවලයි. එම රටවල් අතර දකුණු අප්‍රිකාව, නයිජීරියාව, ඝානාව, අයිවරි කෝස්ට් සහ කැමරූන් ඇතුළත් වෙනවා."
එහෙත් කලාපයේ අනෙකුත් රටවල් කිසිදු ප්‍රබල සිද්ධියක් නොපෙන්වන බව මොයිටි පැවසීය. "වසංගතයෙන් රටවල් පීඩාවට පත්වන ආකාරයේ විශාල විෂමතාවයක් පවතිනවා."
"නිදසුනක් ලෙස, සීෂෙල්ස් දින 70කට වඩා වැඩි කාලයක් නව ආසාදිතයෙන් වාර්තා කර නැහැ. එය මාස දෙකකට වඩා වැඩි කාලයක්. මොරිෂස් දින 10 ක් තුළ නව ආසාදිතයෙකු වාර්තා කර නැහැ. නැමීබියාව සහ ගැම්බියාව වැනි රටවල් වාර්තා කරන්නේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණයි."
දකුණු සුඩානයේ සරණාගත කඳවුරුවල ආසාදිත සමූහය දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවද මොයිටි සඳහන් කළාය.
"සරණාගත කඳවුරුවල මිනිසුන් ජීවත්වන තත්ත්වය, ඔවුන් සතුව ඇති නිවාස වර්ගය සහ සමාජ දුරස්ථභාවය වැනි මැදිහත්වීම් සමඟ ඇතිවිය හැකි අභියෝග" සලකමින් සරණාගත කඳවුරුවලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.